කොන්දේසි විරහිතව රනිල්ට සහය පලකරන බව රිෂාඩ් කියයි !


ලබන 12 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන බව එහි නායක රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත්කරනු ලැබුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කරමින් ව්‍යවස්ථා විරෝධීව බවද ඒ මහතා කියා සිටී.

ප්‍රජාතන්ත්‍රවිරෝධී මේ ක්‍රියාව නිවැරදි කළ යුතු බවත්, එය නිවැරදි කිරීමට පසුගිය ඔක්තෝබර් 26 වැනිදාට පෙර රටේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත මේ රටට රැගෙන ආ යුතුබවද බදියුදීන් මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා කිරීමටත්, එම කැබිනට් මණ්ඩලය නැවත ස්ථාපිත කිරීමටත්, තමා ඇතුළු තම පක්ෂයේ මන්ත්‍රීවරු කැපවන බවද ඒ මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“පක්ෂයක් විදියට අපේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර පහක් (05) තියෙනවා. ලබන දොලොස්වෙනිදා (12) රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරමින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන යෝනාවට මා ඇතුලු අප පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරු සිවුදෙනාගේද (04) සහාය කිසිදු කොන්දේසියකින් තොරව අපි ලබා දෙනවා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment