අම්මාත් තාත්තාත් තමාට ආදරේ නැහැයි කියමින් පොලිසි ගිය පුතා


අම්මාත් තාත්තාත් තමාට වඩා මල්ලීට සහ නංගීට ආදරය කරන බවත් තමන්ට වෙනස්කම් කරන බවත් කියමින් 12 හැවිරිදි දරුවකු ඉකුත්දා (17) රාත්‍රී අඬමින් පොලිසියට පැමිණි බව දඹුල්ල පොලීසිය පවසයි.

දඹුල්ල නගරාසන්නයේ පදිංචි බව කියු මෙම  දරුවා පොලිසියට පැමිණ එහි පිළිගැනීමේ පොලිස් නිලධාරියා හමු වී තමාට පැමිණිල්ලක් කිරීමට ඇති බව පවසා ඇත.

තාත්තා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවකු බවත් මව කුලී වැඩකරන බවත් ඔහු පොලිසියට කියා 
ඇති අතර තමන්ට බාල සහෝදරයකු හා සහෝදරියක සිටින බවත් ඔවුනට තම මහ සහ පියා වැඩි වශයෙන් ආදරය කරන බවත් ඇඳුම් පැලඳුම් හා අනෙක් දෑද ඔවුන් දෙදෙනාට ගෙනැවිත් දෙන බවත් ආහාරපාන ද ලබාදීමකදී ඔවුන්ට  විශේෂත්වයක් දක්වන බවත් ඔහු පොලිසියට කියා තිබේ. මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම පරික්ෂණයක් පවත්වන්නට කටයුතු කළේය.

මේ අතරතුර දරුවාගේ අම්මා ද පොලිසියට පැමිණ තම වැඩිමහල් දරුවා හිතුවක්කාරකම් කරන බවත් ඔහුට ආදරය නොමැති බව නිතර පවසන බවත් පොලිසියට කියූ බව පොලිසිය සඳහන් කරයි.

 පසුව දරුවාගේ පියා ද පොලිසියට කැඳවා කුඩා දරුවන් නිතරම ආදරය සොයන බවත් සෑම දරුවකුටම් සමානව සලකන ලෙස අවවාද කළ බවත් පොලිසිය කියයි.

-කාංචන කුමාර ආරියදාස-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment