අද පත් කරේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් - චන්දිම

කැබිනට් ඇමති කම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුලට දමා වසා දමා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එජානිස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 20 දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය,

දැන් මේ ඇමතිකම් නොලැඹුණු අය ජනාධිපතිට බනින්න ඉස්සෙල්ලා හොයලා බලන්න තමන්ගේ නම් නිර්දේශ කරලා එව්ව ද කියලා. එතකොට ඇත්ත දැන ගන්න ලැබේවි. කැබිනට් ඇමති කම් බලාගෙන ගියපු
අය නම් ඉතින් රනිල් කැබිනට් එකකට දාලා ලොක් කරලා ඇන ගහලා. ආයිත් එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න.

දැන් රටට තියෙන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් හා අගමැති කෙනෙක්. රට දිගින් දිගටම යන්නේ අදුරට නිසා රවී ට නියම ඇති කම දීලා තියනවා.
වැඩි කාලයක් දැන් ඉතින් අපිට විදුලි බලය ගැනත් විශ්වාසයක් තියන්න අමාරුයි. හැබැයි ඉතින් රටත් අදුරට යන එකේ විදුලි බලය නැති වුනා කියලා එජාප පාක්ශිකයින්ට එතරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

දැන් පසුගිය කාලයේ කොටන් ඇදපු අලි ටික සිරිකොට ට ගාල් කරලා. පසුගිය කාලයේ ජොලියේ හිටපු අයට ඇමති කම් ටික දීලා සැප ගන්න කියලා. පසුගිය දවස් වල නිදි නැතිව අරලියගහ මන්දිරේ හිටපු අයට දැන් පොඩි විවේකයක් දීලා තියනවා දැන් නිදාගෙන ආයිත් ප්‍රශ්නයක් වුනාම එන්න කියලා. ඒ නිසා ඒ අය දැන් ගෙවල් වලට වෙලා සුවසේ ඉන්න කියලා අපි කයනවා. ඕනම නම් ජය සැමරීමේ හා රතිඤ්ඥා පත්තු කිරීමේ ඇමති කම දෙන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. පවු ඒ අය.

මේ සැරෙත් යු.එන්.පී කාරයා රැවටුනා. මේ එජාප පාක්ෂිකයාට මේක තේරෙන්න තව කල් යනවා නම් කරන්න දෙයක් නෑ. පසුගිය කාලයේ එජාපයේ තිබුනේ අපායේ ඉන්ටවල් කාලේ. සමහරු හිතුවා ඒක තමයි ඇත්තම කාලේ කියලා. නමුත් දැන් ඉන්ටවල් ඉවරයි. දැන් සාමාන්‍ය එජාප පාක්ශිකයට අරලියගහ මනිදිරය වහලා. කොට ඇදපු අය ගාල් කරලා. ඉන්ටවල් එකේ ජොලියේ හිටපු අය දැන් ඉතින් වැඩට දාලා. අනේ ඉතින් එජාපයට සොරි තමයි.


සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ ගාල්ල 2018-12-20
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment