රට අරාජික තත්ත්වයක : ලේකම්ලාටත් අත්සන් බෑ!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (3) වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට ලේකම්වරුන්ගේ කාර්ය නතර වන බව නීතිවේදීන් කියා සිටිති. ඒ අනුව මේවන විට රට තුළ අරාජික තත්ත්වයක් මතුව ඇති බව ඔවුහු කියති.

අදාළ වගන්තිය මගින් එය මෙලෙස දක්වා තිබේ.

"52 (3) අමාත්‍යාංශයක ලේකම්වරයා ධුරය දැරීම, ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට හෝ මාත්‍යාංශයේ පැවැත්ම නතර වීමේ ප්‍රතිඵලය ඇති තීරණයක් 43 වන ව්‍යවස්ථාව හෝ 44 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ විටක හෝ නතර විය යුත්තේ ය."



ඒ අනුව ලේකම්වරු පවසන්නේ යම් කටයුත්තකට අත්සන් තැබුවහොත් ව්‍යවස්ථාවේ 52 (3) වගන්තියට අනුව හිරේ යාමට සිදුවන බවයි.

එසේම පුරවැසියකු පොලිසියට යම් පැමිණිල්ලක් කළහොත් දණඩ නීති සංග්‍රහයේ 114/115 යටතේ කටයුතු කල හැකි බවද නීති වේදීහු පෙන්වාදෙති.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment