බස් ගාස්තු අඩු නොකළහොත් නීතිය ඉදිරියට යනවා : සමස්ත ලංකා බස් මගී සංගමය.

  
බස් සංගම් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය අනුමතනොකරන බවත්,දින තුනක් තුළ බස්ගාස්තු අඩුකිරීමට තීරණය නොකළහොත් ජාතික ගමනාගමන කොමිෂමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සමස්ත ලංකා බස් මගී සංගමය සඳහන් කරයි.

මේ අනුව රුපියල් 12ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 10 දක්වා අඩුකර,ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂවබස් ගාස්තු අඩුකිරීමට කොමිෂම වහාම තීරණයක්ගතයුතු බවද එම සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්තමහතා පැවසීය.

එසේ නොමැති වුවහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන බවද ඒ මහතා පවසා සිටියේය.

මේ මාසයතුළ අවස්ථා තුනකදී රුපියල් 19කින් ඩීසල් මිල පහළ ගොස් තිබෙන බවත්,මේ අනුවඅවම බස් ගාස්තුව අඩුකිරීමට බස් සංගම් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

කොමිෂන් සභාව හා බස් සංගම් අතර ඊයේ (05දා) පැවැති සාකච්ඡාවලදී මේ මස 21 වැනිදා ඒ පිළිබඳ යළිත්සාකච්ඡා කරන බවට තීරණයක් ගෙන තිබෙන බවත්, නමුත්එම ක්‍රියාව අනුමත නොකරනබවත් විමුක්ති දුෂාන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment