කොට්ටාවෙන් මෙත්සඳ සෙවණට - චම්පික වැඩ අරඹයි (Photos)


මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ පාඨලී චම්පික රණවක සිය රාජකාරී කටයුතු ඇරඹීමට මත්තෙන් ශ්‍රී ලංකාවේ ඉදිවන ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රුක් රෝපන වැඩසටහනකට සහ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. 

එහිදී ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීම සදහා සූදානම් වන ලෙසයි අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ. 

අනතුරුව අමාත්‍යංශය වෙත ගිය අමාත්‍යවරයා වැඩ භාරගනු ලැබූ අතර ඔහු ඉන් පසුව අඩු ආදයම්ලාභි ජනතාව වෙනුවෙන් සිය අමාත්‍යංශය විසින් ඉදිකර පවරා දුන් 'මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතිය' වෙත ගොස් එහි ජනතාව සමඟ කිරිබත් කැවුම් අනුභව කරමින්, ඔවුන්ගේ ප්‍රශ්න විමසමින් සිය රාජකාරි අරඹා තිබෙනවා. 

සිය අරමුණ කොළඹ දිළිදු ජනතාවට නිවසක් වෙනුවට නව ජීවිතයක් ලබාදීම බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. 

මෑත කාලීනව අමාත්‍යවරයෙකු විසින් අඩු ආදයම්ලාභි ජනතාව සමඟ රැදී සිටිමින් අමාත්‍යධුරයක රාජකාරී ඇරඹූ පළමු අවස්ථාව මෙය බවයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ. 





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment