සුවවූ ජයලාල් රෝහණ මියගියැයි අසත්‍ය ප්‍රචාර නිසා රෝහල් ඇඳේ සිට අමතයි

යේ හදිසි හෘදයාබාධ තත්වයක් නිසා රෝහල් ගත කරන්නට යෙදුණ ප්‍රවීණ කලාකරු  ජයලාල් රෝහණ මහතා මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි.
ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව
සමාජජාලා මාධ්‍ය ඔස්සේ

අසත්‍ය පුවත් ප්‍රචාරය වූ අතර ඔහු මියගිය බවත් නිවන් සුව පතන බවත් කිසිදු සෙවිල්ලකින් තොරව පළව තිබුණි.ජයලාල් රෝහණ මහතා පවසන්නේ එම අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසටයි. රෝහලේ සිටම සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් ජයලාල් රෝහණ මහතාට මේ බව කියා සිටින්නට සිදුවීම කණගාටුදායි තත්වයකි.
මින් ඉහත 2006 වසරේදීද ජයලාල් රෝහණ මියගිය බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වී තිබූ අතර ඔහුගේ කිසියම් එදිරිවාදියෙකු විසින් මෙම පුවත හැමවිටම ප්‍රබන්ධ කර ඇති බවට සැක කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment