ලසන්ත ඝාතනයට වසර 10 සැමරුමට මංගලත් කනත්තට ඇවිත්

නිදහස් මාධ්‍යයට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින් ඉතාම සාධාරණ, විවෘත මාධ්‍ය කලාවක් අද වනවිට රටේ නිර්මාණය වී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දසවැනි ගුණ සැමරුම නිමිත්තෙන් බොරැල්ල කනත්ත
පරිශ්‍රයේ දී ඊයේ (08) පැවැති සැමරුම් උත්සවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරයා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයකු වශයෙන් ද කලක් සේවය කැර තිබෙනවා. හිටපු අගමැතිනී සිරිමාවෝ
බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්වරයෙකු ලෙස ද ඒ මහතා ක්‍රියා කැර තිබෙනවා.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මාධ්‍යවේදීන් අකාලයේ මරා දැමීම සිදු නොවන සමාජයක් අද වනවිට බිහිකර තිබෙනවා. මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු කරගෙන යාමට හැකියාව පවතින අතර පෑනට යළිත් වරක් තැනක් ලැබී තිබෙනවා.

ඉතාම සාධාරණ, විවෘත මාධ්‍ය කලාවක් අද වනවිට රටේ නිර්මාණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග මහතා සිටින තැනක සිට සතුටට පත් වෙනවා.

ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් අකාලයේ මරා දැමීම නොවන සමාජයක් බිහිකර තිබෙනවා. එකම ප්‍රමාදය වී තිබෙන්නේ ලසන්ත මරා දැමූවන් සොයා ගන්නා එක නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරීක්ෂණ කර ගෙන යනවා. ඒ අයටත් වැඩිකල් යෑමට පෙර දඩුවම් ලබා දෙනවා. බවද හෙතෙම පැවසීය.

මිනීමැරුම්වල දී නඩු විභාග සඳහා වසර දහය, පහලොව වැනි කාලයන් ගිය අවස්ථා අප දැක තිබෙන බව පෙන්වාදුන් මංගල සමරවීර මහතා ඒ නිසා පොලීසිය කුමන බාධක පැමිණිය ද මේ මිනීමැරුමේ සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා විශාල මෙයෙක් සිදුකරන බවද කීවේය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයන්, මැති ඇමැතිවරු, සමාජ ක්‍රියාකාරීන්, විදෙස් තානාපති කාර්යාලයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment