වාහනය පාරෙන් පැන සිදුවූ අනතුරින් මොරටුව ඉංජිනේරු පීඨ සිසුවා මරුට

https://www.gossiplankanews.com/2019/01/moratuwa-student-dies.html#more
යේ( 08)රාත්‍රි 12.00ට පමණ දික්වැල්ල- බෙලිඅත්ත අලුත් මාර්ගයේදී මිතුරකුගේ සාදයකට සහභාගි වු පිරිසක් නැවත මෝටර රථයකින් නිවස බලා යමින් සිටියදී මෝටර රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වු
අනතුරකින් රථයේ ගමන් ගත්

තරුණයෙකු මරණයට පත් විය.
ඔහු මොරටුව ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබු ශිෂ්‍යයකු  වන බඹරැන්ද ගමගේ රොෂාන් ලක්මාල්(23) තරුණයෙකි. හක්මණ දෙනගම පල්ලාවෙල පදිංචි ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ තුන්වන වසර ඉගෙනුම ලබමින් සිට නිවාඩුවට නිවසට පැමිණ තවත් මිතුරන් තිදෙනකු සමඟ වලස්ගල ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගි වී මට ගොස් ඇත.

සිද්ධිය වන විට මෝටර රථයේ සිවුදෙනකු ගමන් කර තිබෙන අතර මෝටර් රථයේ බද පෙදෙස කොට්ටම්බා ගසක ගැටීමෙන් පසුපස ගමන් ගත් අය මරණයට පත්ව තිබේ. මියගිය අයගේ මළ සිරුර මාතර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණය සඳහා තැන්පත් කර තිබෙන අතර දික්වැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපති දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂණ සිදු කරයි.

යු.එම්. රුවන්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment