කොස්වත්තේ දෙමහල් නිවෙසට ආ හොරු නිවෙස් හිමියාගේ දෑත් ගැට ගසා ලක්ෂ 10ක රන් භාණ්ඩ අරන් ගිහින්

https://www.gossiplankanews.com/2019/01/10-koswatta-robbed-house.html
යේ (16දා) අලුයම 3.00ට පමණ දෙමහල් නිවෙසකට ඇතුළු වී ඇති සොරමුළක් නිවැසියාගේ දෑත් ගැටගසා නිවෙස පුරා ඇවිද නිවෙසේ තිබූ රුපියල් ලක්‍ෂ 10ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිදුවීමක් කොස්වත්ත
පොලිස් වසමට අයත් කිරිමැටියාන  ප්‍රෙද්හයෙන් වාරඒතාවේ. කිරිමැටියාන බෞද්ධ බාලිකාව අසල ඇති නිවසක සොරකම සිදුව ඇත.
මේ සම්බන්ධව නිවැසියන් කොස්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව හලාවත කොට්ඨාස පොලිස් සුනඛ ඒකකය කැඳවා නිවෙස පරීක්‍ෂා කර සැකකරුවන් සෙවීමට පියවර ගෙන ඇත.
පොලිසිය සැකකරන අන්දමට මෙයට ටික දිනකට පෙර නිවෙස අලුත්වැඩියා කිරීමට පිරිසක් පැමිණ ඇති හෙයින් ඔවුන් නිවෙස ඇතුළත ඇති බඩු බාහිරාදිය හා නිවැසියන් නිවෙසේ රැඳී සිටින ස්ථාන ගැන දැඩි සෝදිසියෙන් සිට මෙම සොරකම සිදුකර

ඇති අතර සොරුන් පහත මාලයේ ජනේලයක යකඩ ග්‍රිල් ගලවා නිවෙසට ඇතුළු වී තිබේ. නිවෙස් හිමියාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු මෙසේ කීය.

මමත් මගේ බිරිය හා දියණියත් ඉහළ මහලේ නිදාගෙන සිටියා. මව පහත මහලේ නිදා සිටියා. අලුයම එකවරම සිවුදෙනකුගෙන් යුත් පිරිසක් පිහි කඩු රැගෙන මා ළඟට ආවා. ඔවුන් මගේ දෑත් පස්සට තබා ගැට ගසා දෙදෙනකුව මා අසල රඳවා තැබුවා. අනතුරුව මගේ වයස අවුරුදු 10ක දියණියව අතින් අල්ලාගෙන ඇත්ත නොකීවොත් ඇයව මරණ බවට තර්ජනය කර ඇයව නිවෙස පුරා රැගෙන ගොස් තොරතුරු විමසමින් රන් භාණ්ඩ හා වටිනා දේ ගත්තා. මෙයට පෙර දිනක තමාට කළ තර්ජනයකට පළිගැනීමක් ලෙස තමන් පැමිණි බව කියමින් ඔවුන් මාව නොමඟ යැවීමට කටයුතු කළා.

එවැනි සිදුවීමක් කොහෙත්ම සිදු වී නැහැ. රන් භාණ්ඩ, වටිනා අත්ඔරලෝසුව හා නිවෙසේ බැංකු පොත් ආදිය තිබෙන තැන් සොයාගෙන පලා ගියා. මගේ දියණියට කරදර කරයි කියා බයෙන් මමත් මගේ බිරියත් කලබල කළේ නැහැ. සොරුන් රැගෙන ගිය තම අත්ඔරලෝසුවම රුපියල් ලක්‍ෂ 02ක් පමණ වටිනා බවත් ඔහු වැඩිදුරටත් කීය. කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ.ජී.අයි.කේ. ඇපලතොටුව මහතා ප්‍රමුඛ නිලධාරීන් පරීක්‍ෂණ මෙහෙයවන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

-රෝස් කොලින්-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment