සමරවීරාරාම විහාරස්ථානයට ඉඩම පූජා කළ සමරවීරගේ සොහොන නායක හිමි ඩෝසර් කරලා


වතුරුගම සමරවීරාරාම විහාරස්ථාන භූමියෙහි තිබුණු එම විහාරස්ථානයට ඉඩම පරිත්‍යාග කළ බව කියන
දානපතියාගේ සොහොන
කිසිදු අවසරයක් නොමැතිව ඩෝසර් කර ඉවත් කිරීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් මත කිරිඳිවැල පොලිසියේ පෙනී සිටි විහාරාධිපති හිමියන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.

 එම දානපති සමරවීර මහතාගේ ඥාතීන් විසින් කරනලද පැමිණිල්ලක් අනුව පොලිස් පරික්ෂණ සිදු කොට ඇති අතර පසුව විහාරාධිපති හිමියන්ට මෙසේ පොලිසියට කැඳවා ඇත.  මෙම සිද්ධියට අදාළව විහාරාධිපති හිමියන් ලබන 21 වැනිදා පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-උපාලි රණවීර-



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment