කාලගුණ අනාවැකිය - ජනවාරි 14 සඳුදා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
මහජනයා සඳහා කාලගුණ අනාවැකිය.
2019 ජනවාරි මස 14 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

------------------------------
නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ
සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල වලට උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

වයඹ පළාතේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment