2019 : රාජපක්ෂ තුන් බියෙන් රට බේරා ගැනීමේ වසරයි.


2019 වසර රාජපක්ෂ තුන් බියෙන් රට බේරා ගැනීමේ වසර බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ තම නිල ෆේස් බුක් පිටුව වෙත පණිවිඩයක් නිකුත් කරමිනි.

යුධ හමුදා මූලස්ථානය විදේශයන්ට විකුණා තම සාක්කුවට මුදල් දාගත්, ගුවන් හමුදාවට මිග් යානා ගෙනවිත් විදේශ රටවල මුදල් තැන්පත් කළ, නාවික හමුදාවේ ව්‍යාපාර ඇවන්ගාඞ් සමාගමට ලබාදී කෝටි ගණනින් වංචා කළ, රටට දැරිය නොහැකි සංවර්ධන ව්‍යාපෘති සිදු කර රටම ණය උගුලක සිර කළ, තමන්ගේ පවුලේ අය හැර වෙන කිසිවෙකුට ඉහළට ඒමට ඉඩ නොදෙන වැඩවසම් දේශපාලනයක නිරත මහින්ද, බැසිල්, ගෝඨාභය යන රාජපක්ෂ තුන් බියෙන් රට මුදා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියළු පක්ෂවලින් සැදුම් ලත් ප‍්‍රබල සන්ධානයක් මේ වසරේදී ඇති වීමට නියමිත බව අමාත්‍ය චම්පික රණවක පවසයි.

අලූත් රටක් 2020 ඔබ්බට ගොඩනැගෙන බවත්, පවුල්වාදයෙන් තොර, කුසලතාවයට මුල්තැන දෙන නවෝත්පාදන බල ගැන්වෙන රටක් බිහිකරනට කැපවෙන බවද අමාත්‍යවරයා වැඞ් දුරටත් සඳහන් කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment