ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 400ක් : IMF සමග සාකච්ඡාවකට මංගල ඇමෙරිකාවට.


ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 400ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වූ මහ බැංකුව සඳහන් කරයි. 

මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 

ඉන්දීය මහ බැංකුවෙන් ලැබෙන මෙම මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවනු ඇතැයි ද ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට උපකාරි වනු ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම මුදල ලැබෙන අතර ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව සංවිධානයේ හුවමාරු පහසුකම’ යටතේ එම මුදල් ලැබීමට නියමිත යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.  

පසුගිය වසරේ අවසන් මාස තුනේදී විදේශ මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බවත් වසර අවසන් වනවිට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.94ක් වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 

IMF සමග සාකච්ඡාවකට මංගල ඇමෙරිකාවට
   
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡා සඳහා එක්විමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා එළැඹෙන 14 දා සිට 16 දා දක්වා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට යෑමට නියමිතව තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම වෙනුවෙනි.


ශ්‍රී ලංකාවේ පසුගියදා ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල අරමුදල අදළ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා කල්දැමිමටත් කටයුතු කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment