කැෆේ කීර්තිට ඌව මහ ඇමතිගෙන් විරෝධය : වැඩ බාරගන්න බැරිවෙයි : කීර්ති ඌවෙන් දකුණට.


ඌව ආණ්ඩුකාරවරයා ලෙස පසුගියදා පත් කළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාට එම ධූරයේ වැඩ බාර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පත්වීමට ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා විසින් දැඩි විරෝධයක් දැක්වීම නිසාය. කීර්ති ඌවේ ආණ්ඩුකාරයා කළොත් තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව චාමර ජනාධිපතිවරයාට දන්වා ඇති බවද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් කීර්තිව ඌවෙන් දකුණට මාරු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති.

එම දෙදෙනා ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ තනතුරුවල දිවුරුම් දුන්හ.

කීර්ති තෙන්නකෝන් මහතා ඌව පළාත් ආණ්ඩුකාර වශයෙන් පෙරේදා (08) දිවුරුම් දුන් අතර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.

මාර්ෂල් පෙරේරා මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment