කිලිනොච්චිය දී පාරම්පරික තිරික්කල් තරඟයක්


කිලිනොච්චිය පූනකරි ප්‍රදේශයේදී හින්දු ජනතාව සිදුකරනු ලබන පාරම්පරික තිරික්කල් තරඟයක් ඊයේ 19
දින පවත්වනු ලැබීය.
දමිළ ජනතාව ගොවිතැන් නිමා කිරීමෙන් අනතුරුව සිය විවේක කාලය ගත කිරීම වෙනුවෙන් පාරම්පරික තිරික්කල් තරඟ පැවැත්වීම සිදුකරනු ලබයි.
පූනකරී නල්ලූරි ප්‍රදේශයේ තිරික්කල් තරඟ සංවිධානය කරන සමිතිය විසින් තරඟය සංවිධානය කොට තිබිණි.
යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරඟකරුවන් 70 දෙනෙකු පමණ තරඟය වෙනුවෙන් එක්ව සිටියහ.
යුද්ධයෙන් අනතුරුව ජනතාව තමන්ගේ පාරම්පරික ක්‍රීඩාවන් වෙත යෙමුවීම මේ වන විට කිලිනොච්චියේ සුලබ දසුනක් වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment