රියැලිටි තරඟයකින් තේරුණු දරුවකුගේ පියාව රවටලා ලක්ෂ ගණක් වංචා කරලා

රූපවාහිනියේ ජනප්‍රිය ගී තරු තරගයකින් තේරුණු කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවකු විදේශ රටක ගීත ප්‍රසංගයකට සහභාගි කරවා ගන්නා බවට දුරකථනයෙන් කතා කොට එම දරුවාගේ පියා රවටා අවස්ථා
ගණනාවකදී බැංකු ගිණුමකට
මුදල් තැන්පත් කරවා ගත්තේ යැයි කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය පවසයි. දුරකථන ඇමැතුම දුන් තැනැත්තා වින්දේශ රටක රැකියාවක් කරන බවද දරුවාගේ දස්කම් දුටුවේ නිවේදන කටයුතු කරන්නකුගේ මුහුණු පොතෙන් බවද දරුවා විදේශ රටට ගෙන්වා ගැනීමට මූලික වියදම් වශයෙන් මුදලක් වැය කිව්වට වන බවද සැකකරු පැවැසූ බව පියා පොලිසියට දන්වා ඇත.

ඒ අනුව පියා වාර ගණනාවකදී විදේශගත යැයි කියූ පුද්ගලයා දුන් බැංකු ගිණුමට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් තැන්පත් කළ අතර දරුවා එම රටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරන නිසා සැක සිතූ පියා බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුම් හිමියා ලංකාවේ සිටින්නකු බව තේරුම් ගෙන ඇත. මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලක් මත බැංකු ගිණුම් හිමියා අත්අඩංගුවට ගත් අතර ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයතිස මහතා සැකකරු රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-තරින්ද රත්නායක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment