පසුගිය කාලයේ පක්ෂපාතී වූ බවට එජාපයේ විවේචන පැනනැගුණ හිරු හා දෙරණ නාලිකාවලට රජයේ දැන්වීම්දීම අත්හිටුවීමට යෝජනාවක් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර සාකච්ඡාවට භාජනය වී තිබේ.
අගමැතිවරයා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ පත්වූ පසු
සිදු කළ පළමු පාර්ලිමේන්තු
කථාවේදීද මාධ්‍ය වෙත චෝදනා ඉදිරිපත් කළ අතර කළු මාධ්‍ය යනුවෙන් ඇතැම් මාධ්‍ය නම් කරන ලද ඔහු පක්ෂපාතී පුද්ගලික මාධ්‍ය ගැන ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක්ද අරඹන බව කීවේය.
ඊයේ (01) පැවැති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පක්ෂව සජිත් ප්‍රේමදාස හා කබීර් හෂීම් යන අමාත්‍යවරු අදහස් ඉදිරිපත් කළ බවත් මුලින්ම සංවර්ධන ලොතරැයි හා ජාතික ලොතරැයි මණ්ඩලවල දැන්වීම් ලබාදීම අත්හිටුවීම කළ යුතු බවත් යෝජනා වී ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment