පක්ෂයේ දැඩි විරෝධය මැද, දයාසිරි ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයට.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් ඊයේ (03) රාත්‍රීයේ ඉල්ලා අස්විය.

ඒ වෙනුවට වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රී පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ වැඩබලන මහලේකම් ධූරයට පත් කිරීමට තීරණය කර ඇත. 

පක්ෂයේ දැඩි විරෝධය

මෙම තීරණය සැල වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සිට ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ පක්ෂයේ ජේෂ්ඨයන් ඊට විරෝධය පළ කරමින් කටයුතු කරන බවට වාර්තා වී ඇත. 

දුමින්ද ඉල්ලයි

හිටපු මහලේකම් දුමින්ද දිසානායක වර්තමානයේ පවතින දේශපාලන අර්බුදකාරී තත්වය තුල නිදහස් පක්ෂයේ  සංවිධායකවරු සහ පක්ෂ සාමාජිකයින් සමඟව සමීපව කටයුතු කරමින්  ඔවුන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි බැවින්, ඔවුන් දුමින්ද දිසානායක යලි පක්ෂ මහලේකම්ධූරයට පත් කරන ලෙසට ඉල්ලීම් කරමින් සිටින බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග තහවුරු කර සිටියි. 


දයාසිරි ජයසේකර යනු පක්ෂ මාරු කරමින් ක්‍රියා කරන කිසිදු ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෙකු බැවින් ඔහුව  නිදහස් පක්ෂයේ මහලේකම් කිරීමට තමන් දැඩි සේ විරුද්ධ බව පක්ෂ සංවිධායකයින් බහුතරයකගේ මතය වී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment