විදේශ මුදල් මෙරටට එවීමේ බද්ද ඉවතට ළමා ඉතුරුම් ගිණුම් බද්ද ඉවතට ජ්‍යොෂ්ඨ පුරවැසි බදු සීමා ඉහළට

https://www.gossiplankanews.com/2019/01/mangala-tax-free.html#more
දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා  බදු සහන රැසක් ලබා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් පණිවිඩයකින් දන්වා සිටී.
ඔහු නම් කර තිබෙන බදු සහන පහත පරිදිය.


01 රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.

02 මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත්කරන අතර එහි උපරිමය වසරකට ලක්ෂ පහක් බවට පත්කර තිබේ.


03 කුලී ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද 10% සිට 5%ක් දක්වා අඩුකර තිබේ.

04 අවුරුදු 18ට අඩු ළමයින්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් මත අය කළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.

05 2019/04/01 දා සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අය කරන ආදායම් බදු සීමාව 14%ක් දක්වා උපරිමයකට පමණි.

06 ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් මත රඳවා ගැනීමේ බදු අය කිරිමේ සීමාව රුපියල් 150000 සිට රුපියල් 300000ක් දක්වා වැඩිකෙරේ.

07 ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අනුමත වාණිජ බැංකු තුළ පවත්වාගෙන යන NRFC හා RFC ගිණුම් මත අය කළ රදවා ගැනීමෙ බද්ද 2018/11/15 දායින් පසුව ඉවත් කෙරේ.

08 විදේශ ඉපයීම් ලංකාවට එවීමේදී අයකළ ආදායම් බද්ද 2018/11/15 සිට ඉවත් කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment