මැතිසබේ විමල් ඉදිරියට එයි: අනුර යාපා දෙවැනි පෙළට.


එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක සිටි විමල් වීරවංශ මහතාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඉල්ලීම පරිදි ඊයේ (10 දා) පළමු පෙළ ආසනයක් ලබාදී තිබුණි.

විමල් වීරවංශ මහතා පළමු පෙළ ආසනයකට පැමිණීමත් සමඟ එතෙක් පළමු පෙළ ආසනයක සිටි අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දෙවන පෙළ ආසනයකට යාමට සිදුව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස විපක්ෂයේ අසුන් ගන්නා ලදී. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය එවිට ආසන සකස් කරන්නේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ මතය.

එහිදි විමල් වීරවංශ මහතාට හිමිව තිබුණේ සභාවේ විපක්ෂයේ දෙවන පෙළ 34 වෙනි අසනයයි. අනුර ප්‍රියදර්ශන යාපා මහතාට පළමු පෙළ 13 වෙනි ආසනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨත්වය අනුව ලබාදී තිබුණි.

නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ඉල්ලීම මත විමල් වීරවංශ මහතාට දෙවන පෙළ 34 වන ආසනයේ සිට පළමු පෙළ 13 වෙනි ආසනය හිමිවූ අතර පළමු පෙළ 13 වෙනි ආසනයේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා මහතා 13 වෙනි ආසනයේ සිට දෙවන පෙළ 21 වෙනි ආසනය දක්වා පසුබැසීමට සිදුව තිබේ.

(දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment