පසුගියදා ජනපති විසින් ඉවත්වන ලෙස දැන්වීමෙන් පසු ඉවත්වූ හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට සංස්ථා
සභාපති ධුර පිරිනමා තිබේ.
ඒ අනුව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස පත් කර ඇත.සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියව පත්කර ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසට ය.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන්ට පිරිනමා තිබේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment