SLFP ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා පැවැසීය. ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ සහාය
ඇතිව මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතාවම ඉදිරිපත් කරන බවද ඒ මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9දා) කියා සිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලනිපයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සැලකිල්ලට ගත් පසු සියයට 57ක පමණ ප්‍රතිශතයක් ඒ අනුව මෛත්‍රිපාල
සිරිසේන ජනාධිපතිවරයාට ලැබෙන බවද සමරසිංහ මහතා පැහැදිලි කළේය. ජනාධිපතිවරයාගේ නිල කාලය නොවැම්බර්, දෙසැම්බර් වන විට අවසන් වන බවත් 2020 ජනවාරි 8ට පෙර ජනාධිපතිවරණයක් පවත්වා අලුත් ජනාධිපතිවරයකු පත්කරගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බවද සමරසිංහ මහතා පැවැසීය. කෙසේ වෙතත් නියමිත කාලයට පෙරාතුව ජනාධිපතිවරණය නොපවත්වනු ඇති බවත් නියම වෙලාවට එය පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවත් සමරසිංහ මහතා කීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment