21 වියැති දුවත් එක්ක කුඩු විකිණූ තාත්තා

හෙරොයින් අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ අයකු සහ හෙරොයින් ළඟ තබාගෙන සිටි ඔහුගේ 21 හැවිරිදි දියණිය බියගම පොලිසිය මඟින් පෙරේදා (05දා) සවස බියගම, බණඩාරවත්ත හන්දියේදී
අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයන් තිදෙනකුද සියඹලාපේ හන්දිය ශාරීරික සුවතා ව්‍යායාම මංතීරුව අසලදී හා හේනිහන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ජාවාරම්කාර පියා ළඟ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් හා දියණිය ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 60ක් තිබී පොලිස් භාරයට ගන්නා ලදී.

තරුණයන් තිදෙනා ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 60-80 හා 70 බැගින් මිලිග්‍රෑම් 210ක් තිබිණි. ජාවාරම්කාර පියා හා දියණිය බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පියගම, යටවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක නැවතී ඉඳිමින් ජාවාරම් කරගෙන ගොස් ඇත. සැකකාර තරුණයන් තිදෙනා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 25ත් 30ත් අතර වෙයි. අත්අඩංගුවට ගත් පස් දෙනාම මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

-කේ.දුමින්ද-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment