අලුගෝසු තනතුර ඇබෑර්තු කැඳවේ - පඩිය 24250

https://www.gossiplankanews.com/2019/02/24250-executioner-post.html
රණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ අවධාරණයෙන් පසු බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා මේතාක් කල් පැවති පුරප්පාඩුව පිරවීමට අයදුම්පත් කැඳවා තිබේ.
 පසුගිය සඳුදා පුවත්පත්වල පළකර තිබෙන මෙම දැන්වීම අනුව
මෙම තනතුරේ මූලික වැටුප 24250 ක් වන අතර

උපරිම 36410 දක්වා වැටුප් තලයකට යාමට අවස්ථාව තිබේ. වයස 18-45 අතර අය පමණක් බඳවා ගැනෙන අතර අවම සාපෙළ වැඩ 6 ක් සම්මාන 2 ක් සහිතව සමත්විය යුතුය. චරිත දූෂණය නොවූ අය මෙන්ම යහපත් මානසික මට්ටමේ අය බවට වෛද්‍ය සහතික කිරීම් ලබාගත යුතුය.
මෙම තනතුර සම්මුඛ පරීක්ෂණයකින් පසු තෝරාගන්නා බවත් 25 වනදාට පෙර අයදුම්පත් යොමු කරන ලෙසත් දන්වා ඇත.
එම දැන්වීම පහත පරිදිය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment