අවුරුදු 8 සිට දියණියව අපයෝජනය කළ පියා නිවෙසින් පලා ගිහින්

වයස අවුරුදු අටේ සිට වසර 8ක් තිස්සේ තම දියණිය බරපතළ  ලිංගික අපයෝජනයකට ලක් කළ ඇයගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා නොච්චියාගම පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත. සැකකරු මේ
වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පැවැසීය. නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ බිරිය කුරුණෑගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ කරයි.

මෙම දැරියට වයස අවුරුදු 16කි. දැරීයට ලිංගික අතවර කිරීම ආරම්භ වී ඇ ත්තේ ඇයට වයස අවුරුදු 8දිය.
කුඩා කල සිටම ඇය පියා සමඟ නිදා  ගැනීම පුරුද්දක් ලෙස කර ඇත. පසුගිය දිනක ඇයට කළ බරපතළ ලිංගික අපයෝජනයෙන් පසුව මේ බව මවට නොකියන ලෙසත් කිව්වොත් ඇය මරා දමන බවටත් පියා දියණියට තර්ජනය කර ඇත. මේ බව දියණිය ඇයගේ මවට පවසා ඇත.

ඇයගේ මව සැමියාගෙන් මේ බව විමසා ඇත. ඉන් ඇතිවූ ආරවුලත් සමඟ ඇය තමාගේ ගම වන කුරුණෑගල පිහිටි මවුපියන්ගෙන් නිවෙසට ගොස් පසුව මේ පිළිබඳව කුරුණෑගල, පොලිසියට පැමිණිලි කර තිබේ.  සිද්ධිය පිළිබඳ කුරුණෑගල පොලිසිය නොච්චියාගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු  අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බවද පොලිසිය පැවසීය. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.


-ඒ.ඩී.යූ.කුමාර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment