මාකඳුරේ මදුෂ්ටයි මටයි එකට හිරේ ඉන්න වෙයිද දන්නෙ නැහැ - නාමල් කුමාර

පසුගියදා ජනපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බවත් මාකඳුරේ මදුෂ් එයට සම්බන්ධ කරගන්නට සිටි බවත් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් අනාවරණය කළ නිසා රටේ ආන්දෝලනයක්
ඇති කරවූ නාමල් කුමාර ඊයේ නැවත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ මදුෂ් අල්ලාගැනීම ගැන කරුනු කීමටයි.

ඔහුට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා උසාවි කරුණු නොමග නොයවන ලෙස අධිකරණයෙන් නියෝගයක් පවා නිකුත්ව තිබියදී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පන්සල් තාප්පයක් අසළ පවත්වා තිබූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍යද ඔහුගේ අදහස වාර්තා කර තිබුණි.
නාමල් කුමාර එහිදී මෙසේ කියා ඇත.

‘රැඳවුම් නියෝග මත මාකඳුරේ මදුස්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. ප්‍රශ්න කිරීම හරහා එළිවෙන සියලු කරුණු රටට අනාවරණය කළ යුතුයි. හෙට මාකඳුරේ මදුෂ්ටයි මටයි එකට හිරේ ඉන්න වෙයිද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මම කියන්න තියන දේ කියනවා. මාකඳුරේ මදුස් වැනි අපරාධකාරයන්ට අනිවාර්යයෙන්ම මරණීය දන්ඩනය ලබාදිය යුතුයි. අලුගෝසු තනතුර අවශ්‍ය නම් ඒ සඳහා වැටුප් රහිතව සේවය කරන්න. මම සූදානම්‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment