ඒටීඑම් කාඩ් එක ඇතුල් කරන තැන ගැජට් හයිකර පාස්වර්ඩ් බලා ලක්ෂ ගණන් කොල්ලකෑ චීන්නු දෙන්නා හා රුමේනියානුවා මාට්ටු

https://www.gossiplankanews.com/2019/02/atm-fraud-china-rumania-men-nabbed.html
 සුගිය දිනවල රාජගිරිය කළුබෝවිල ආදී ප්‍රදේශවල ඒටීඑම් යන්ත්‍ර මගින් මුදල් සොරකම් කිරීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රෙඩිට් කාඩ්පත් හා ඩෙබිඩ් කාඩ් පත්වල තිබෙන රහස්‍ය අංකවල දත්ත සොයාගෙන ඒවා  උපකරණ ආධාරයෙන්  ඇත්ත ලෙස හැඟෙන ව්‍යාජ කාඩ් පත්වල කාන්දම් තීරුවලට කවා
ඒ කාඩ්පත් ඒටීඑම් යන්ත්‍රවලට යොමු කර මුදල් සොරකම් කරගෛන ඇති මෙම තිදෙනා විදේශ ජාතිකයින් බවද හෙළිව තිබේ.

මෙම විදේශ ජාතිකයින් ක්‍රෙඩිට් කාඩ්පත් හා ඩෙබිඩ් කාඩ් පත්වල තිබෙන රහස්‍ය අංක ලබාගෙන

තිබෙන්නේ ඒටීඑම් යන්ත්‍රවල කාඩ්පත් ඇතුළු කරන ස්ථානයේ ඔවුන් විසින් සවිකරන උපකරණයක් ආධාරයෙන් බවත් බැලුබැල්මට එම කොටස යන්ත්‍රයට අයත් එකක් ලෙස පාරිභෝගිකයින්ට හැඟෙන පරිදි පිහිටුවාගන්නා බවත් පැවසේ. ඒවා තුළින් කාඩ්පත ඇතුළු කිරීමේදී පෙර කි රහස්‍ය දත්ත මෙම ජාවාරම් කරුවන්ගේ ජංගම දුරකථනවලට ලැබෙන ආකාරයේ ක්‍රමයක් තිබී ඇති බවද පැවසේ.

මේ ලෙස ලබාගත් රහස්‍ය අංක අනුව ඔවුන් සකස් කරගන්නා ව්‍යාජ කාඩ්පත් ඉන්පසු එම යන්ත්‍රවලට ඇතුළු කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇත.
මෙම කණ්ඩායමේ දෙදෙනෙකු චීන ජාතිකයින් වන අතර අනෙක් තැනැත්තා රුමේනියානු ජාතිකයෙකු බව වාර්තා වේ. කොටුව චැතම් වීදියේදී හා වැල්ලවත්තේදී මෙම චීන ජාතිකයින් දෙදෙනාත් පානදුරදී මෙම රුමේනියානු ජාතිකයාත් කොටු කරගත් බව පොලිසිය දන්වා සිටී.

ඔවුන් සමග රුපියල් ලක්ෂ 12 කට අධික මුදල් හා මෙම සොරකම් සිදුකිරීමට භාවිත කළ උපකරණත් කාඩ් පත් 200 කට ආසන්න ප්‍රමාණයකුත් හසුකරගෙන ඇත. ඔවුන් තිදෙනාම මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment