දෙවෙනි ඉනිමෙ ලයනල් සර්රුත් මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/02/makandure-madush-amal-nadeemal-lional-sir.html#more
පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස අද උදෑසන ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. එම වැටළීමේදී ප්‍රකට ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නවක ගායක නදීමාල් පෙරේරා මෙන්ම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය නිසා ප්‍රකට වූ එහි ‘ලයනල් සර්‘ට රඟපෑ ටෙලිනළු රයන් වැන්රෝයන්ද
සිටීම විශේෂත්වයකි.
මෙම පිරිස අත්අඩංගුවට පත්වන්නේ මාකඳුරේ මදුෂ්ගේ එක් පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඩුබායිහි පිහිටි තරු 6 හෝටලයක පවත්වමින් තිබුන සාදයක් අතරතුරය. සාදයේ ගීත ගැයීම හා නර්තන අංග සඳහා මාකඳුරේ මදුෂ් හා සමීප ඇසුරක් පවත්වන පෙරකී කලා ශිල්පීන් පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.


අත්අඩංගුවට පත් පිරිස අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා සමග කංජිමාන් ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා යන පාතාල ප්‍රබලයින් 5 දෙනෙක් නිශ්චිත වශයෙන් සිට ඇති අතර ඉතිරි 20 ක පිරිස අවස්ථාව සඳහා ආරාධනා ලද අය හා පාතාල සහචරයින් ලෙස හැසිරෙන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය තිබී ඇති බව වාර්තා විය.
මෙම වැටළීම ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙනුවෙන් ඩුබායි මෙට්‍රො පොලිසිය සමග ලංකාවේ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කරන ලද්දක් වන අතර අත්අඩංගුවට පත්කිරීම හා එහිදී හසුකරගත් දෑ පිලිබඳ මූලික විමර්ශනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිරීති අනුව සිදුවනු ඇතැයි වාර්තා වේ.

එරට නීති අනුව මත්ද්‍රව්‍ය සමග හසුවීම මරණීය දණ්ඩනයට යටත්වන වරදක් වන අතර ඉතා කෙටි කාලයකින් එම තීන්දුව ලබාදීමේ ක්‍රමවේදයක්ද පවතී.


ලංකාවේ පාතාල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කොල්ලකෑම් රැසක් පසුපස සිටින මදුෂ් එම වැරදි සම්බන්ධයෙන් නඩු ගණනාවක සැකකරුවෙකු බවට පත්ව තිබෙන පසුබිමක ඒවා විමර්ශනය පිණිස ඔහුව මෙරටට ලබාගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුවනු ඇතැයි ආරංචි පළවේ. කෙසේ වෙතත් මින් ඉහත ඩුබායිහිදී කොටුවූ උදයංග වීරතුංග ලංකාවට අවශ්‍ය සැකකරුවෙකු වුවත් ලංකාවට ගෙන්වා ගැනීමට රජය අපොහොසත් විය.

අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ලන් හෝටල් කාමරයක ඉන්දවා ලබා ගත් ජංගම දුරකථන ඡායාරූප කිහිපයක් පහතින්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment