සිල් මාතාවට අතවර කිරීමට තැත් කළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ගිරිබාව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු රාති‍්‍ර කාලයේදී ප‍්‍රදේශයේ සිල්මෑණිවරුන් වැඩ සිටින ආරාමයකට ගොස් සිල් මාතාවකට අතවර කිරීමේ සිද්ධියකට අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ
තහනම් කිරීමට ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන් මහතා පියවර ගත්තේය.

 සැකකරු ගල්ගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් කාංචනා සමරදිවාකර මහත්මිය හමුවට පැමිණ වූ අතර එහිදී සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපමත මුදාහැරියේය.


 මෙම පොලිස් නිලධාරියා පොලිස් සහායක සේවයේ සිට පසුගිය දිනක නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග‍්‍රහණය කෙරුණු බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවැසීය. සිල් ආරාමයට ගොස් ඇති සැකකරු සිල් මාතාවකගේ (වයස අවු. 62) හිස ස්පර්ශ කිරීමට යෑමේදී සිල් මෑණියන් අවදි වී කෑ ගසා ඇත. ඊට අමතරව සැකකරු ගිරිබාව මාදුරුගම ප‍්‍රදේශයේ තවත් වැන්දඹු කාන්තාවකටද අතවර කිරීමටද සැරසී ඇති අතර ප‍්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 දැනට වැඩ තහනමට ලක්වී ඇති සැකකරු සම්බන්ධයෙන් ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි සාලින්ද සමරකෝන් මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ ගිරිබාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment