නීති බාධාව නිසා මධූෂ් කොහොමවත් ලංකාවට ගෙන්වන්න බෑලු


මේ වන විට ඩුබායිහි අත්අඩංගුවේ පසු වන මාකඳුරේ මධුෂ් ඇතුළු කල්ලිය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ගැටලූවක් මතු වී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ‍්‍රී ලංකාව අතර මීට දාහත් වසරකට පෙර අත්සන් කර ඇති අපරාධකරුවන් පිටුවහල් කිරීමේ ගිවිසුම මෙතෙක් පාර්ලිමේන්තුවට
ඉදිරිපත් නොකර සම්මත නොකිරීම ඊට හේතු වී තිබේ.

මේ අතර අත්අඩංගුවට ගෙන සිටින කල්ලියේ තානාපති ගමන් බලපත‍්‍රයක් හිමි ශ‍්‍රී ලාංකිකයකුද සිටින බව පැවසෙන අතර ඔහු කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මුළු රටේම දැඩි අවධානය යොමුව තිබේ.

දෙරට අතර ගිවිසුම අත්සන් කර ඇත්තේ 2002 වසරේ අපේ‍්‍රල් මස 29 වැනිදා ය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එවකට විදේශ ඇමැතිවරයාව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම ගිවිසුමට අත්සන් කර තිබේ. ගිවිසුම අත්සන් කර දාහත් වසරක් ගතවන තෙක්ම කිසිදු ආණ්ඩුවක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

අපරාධකරුවන් පිටුවහල් කිරීමේ නීතිය ඩුබායිහි ක‍්‍රියාත්මක නොවන බව දැනගෙන මධුෂ් ඇතුළු කල්ලිය එහි රැඳී සිට ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ඔවුන් සතුව තිබූ බව කියන කොකේන් මත්ද්‍රව්‍යවලට අදාළව එරට දී නඩු පැවරෙන බව ද තානාපති ආරංචි මාර්ග පැවසීය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ ද ඉහත ගිවිසුම ක‍්‍රියාත්මක නොවන නිසා බව පොලිසිය පවසයි.

-කීර්ති වර්ණකුලසූරිය- (දිවයින)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment