අත්අඩංගුවට පත් සැකකරුවන් සියල්ල මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ඩුබායි වාර්තා

https://www.gossiplankanews.com/2019/02/amal-perera-mdush-drug-positive.html#more
ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දන්වා තිබේ.
සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී තිබෙන බව වාර්තා කර තිබේ.ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායි හි අල් රෆා පොලිසියට ගෙනැවිත්
ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා

ප්ලාසාහි සිර මැදිරියක රදවා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනෙකු සිටි අතර අනෙක් අය මධුෂ්ගේ ආරාධනයෙන් පැමිනි හිතවතුන්ය.

මෙ අත්අඩංගුවට පත් පිරිස අතර අමල් පෙරේරා, රයන් වැන් රොවන්, නදීමාල් පෙරේරා ඇතුලු කලාකරුවන්ද සිටි අතර ඔවුන්ද මෙම අවස්ථාවේ මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට මේ අනුව අනුමාන කළ හැකිය.

කෙසේ වෙතත් මෙම රුධිර සාම්පල වාර්තාව ගැන පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේ 31 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති කතාවකි. මින් පෙර ඩුබායි වාර්තා අනුව අත්අඩංගුවට පත් පිරිස ලෙස 25 කගේ හෝ 20 කගේ ගණනක් වාර්තාවී තිබියදී සාම්පල ලබාදීම 31 කගේ සිදුවූයේ කෙසේද යන්න ගැටලුකාරීය.
කරුණු කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ලබාගැනීම හෙළිවීමෙන් පසු සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම දුස්කර වනු ඇතැයිද ඩුබායි වාර්තා පළව ඇත. ඊට හේතුව එය එරට බරපතල වරදක් බැවින් එවැනි වරදක් ගැන විමර්ශනය එරටදී සිදුකිරීම එරට නීතිය වීමයි.
ලංකාවට අවශ්‍ය කරන සැකකරුවකු වීම ගැන සොයා බලනු ඇත්තේ ඉන්පසුව බවද ඩුබායි වාර්තා දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment