උපන්දින සාදයට මධූෂ් කෝටි 03ක් වියදම් කරලා

සිය අනියම් බිරියගේ දරුවාගේ පළමුවැනි උපන්දිනය සැමරීම සඳහා ඩුබායිහි ජුම්රා මජිරා නමැති තරු හයේ හෝටලයේ පැවැත් වූ සාදයට මාකදුරේ මධුෂ් රුපියල් කෝටි තුනක පමණ මුදලක් වැය කර ඇති බව
අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 මාකඳුරේ මධුෂ් පරිහරණය කළ අති සුඛෝපභෝගී ලිමසින් මෝටර් රථයද ඩුබායි පොලිසිය බාරයට ගෙන ඇති බවට වාර්තා ලැබී ඇත.  ඩුබායිහි එමීර්වරයකුගේ පුත්‍රයකු පාවිච්චි කළ මම මෝටර් රථය මධුෂ් මිලදී ගෙන ඇත්තේ වෙන්දේසියකින් බව සඳහන් වෙයි.

මධුෂ් වසර දෙකක පමණ කාලයක සිට  වරින්වර ඩුබායිහි සුපිරි හෝටල්වල සාද පවත්වා ඇති අතර මෙම සාදවලට ශ්‍රී ලංකාවේ සිටින කලාකරුවන් සහ ඔහුගේ හිතවතුන්ද ගෙන්වා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර මධුෂ්ගේ පුතාගේ උපන්දින සාදයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට  ගනු ලැබූ පාතාල ප්‍රබලයකු වන කන්ජිනත් ඉම්රාන් නමැත්තාගේ නිවස ඩුබායි පොලිසියෙන් සෝදිසි කළ අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක මුදලක් සොයාගෙන ඇතිබව කියති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment