ඩුබායි සාදයට ගිය රාජතාන්ත්‍රිකයා කඹුරුපිටිය සභා මන්ත්‍රිවරයෙක්ද මංගලගේ ලේකම්ද?

ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි  රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා ගැන පසුගිය දිනවල ආන්දෝලනයක් හටගත්තේය.

ඔහු මුදල් ඇමති මංගලගේ ලේකම් වරයෙකු බවට පාර්ලිමේන්තුවේදී පවා විපක්ෂයේ ඇතැමුන් චෝදනා කර තිබුනි.නමුත් ඇමති වරයා එය ප්‍රතික්සේප කළ අතර මේ අය වෙන කිසිවෙකුත් නොවෙ  කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලීසියේ උසස් නිලධාරීයෙක්
ඊයේ (17) පවසා තිබේ.

එහිදී අත්අඩංගුවට පත්වූ බන්ධනාගාර නියාමකවරයාද කඹුරුපිටිය ප්‍රදේශයේ  පදිංචිකරුවකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී රිය අනතුරකට ලක්වී ආබාධිත කිහිලිකරු පාවිච්චි කරමින් සිටි අයෙකු බවත් එම පොලිස් නිලධාරියා කීය.‍

මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට සහභාගි වීම සඳහා මධුෂ්ගේ ආරාධනයකට අනුව මොහු කිහිලිකරු සහිතව ඩුබායි බලා පිටව ගොස් ඇත්තේ බන්ධනාගාරයෙන් සේවා නිවාඩු ලබාගෙන බව ද පැවසේ.

මාකඳුරේ මධුෂ් ඩුබායි හෝටලයේ පැවැත් වූ සාදයට ශ්‍රී ලාංකිකයන් 125ක් පමණ සහභාගි වී ඇති බවටත් ඔවුන්ගෙන් වැඩි දෙනකු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් සඳහන් කරයි.

 මෙහිදී ඩුබායි පොලිසිය  මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 31දෙනකු අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බව ද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට පොලිස් කොස්තාපල්වරයකුද සිටින අතර ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා සඳහා ගොස් එහි සිට ඩුබායි වෙත පැමිණ සිටි බව පැවසේ.

 ඉකුත් 5 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 ට පමණ සිදුකර ඇති මෙම වැටලීමේ දී අත්අඩංගුවට  ගත් ශ්‍රීලාංකිකයන් 31 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩුබායි පොලිසිය පෙරේදා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් එම පරික්ෂණවල වාර්තා හෙට (9) මෙරටට ලැබිමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.

(නිමත්ති රණසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment