අයවැයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිසුවෙකුට රු. මිලියනයක් : ධම්මික පෙරේරා


මෙවර අයවැයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් හට කූපන්පතක් ලබා දීමට පොරොන්දු වී ඇති බවත්, එය ක්‍රියාවට නංවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික විද්වත් සංවිධානයේ සම්මන්ත්‍රණයේ දී ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා මෙසේ පැවසීය.

“ළමයි එක්ලක්ෂ විසිදහසකට වහාම විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕනේ. මේ ළමයින්ට මිලියනයක කූපන් එකක් දුන්නොත්, මේ ආණ්ඩුව තිස්දහසකට දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා, මේ බජට් එකෙන්. ඒක එයි කියලා මං හිතනවා. හැබැයි ඒක සම්පූර්ණම එක්ලක්ෂ විසිදහසකට දුන්නොත්, වන් මිලියන් වගේ කූපන් එකක්, ගස් යට ඉගැන්නුවත් කමක් නැහැ, ඒ මිනිස්සු හරියට ඩිග්‍රිය අරන් එනවානං. තැනේ ප්‍රශ්නයක් නැහැ. ලෝකේ කොහේවත් රටවල් අංග සම්පූර්ණ යුනිවර්සිටීස් හදලා උගන්නලා නැහැ. හරි යුනිවර්සිටීස් හදන්න කාලයක් යයි. අපිට ඉක්මනට දියුණු වෙනවා නම්, ගස් යට හරි කමක් නැහැ, යුනිවර්සිටි ඇරලා, අර ළමයි එක්ලක්ෂ විසිදාහ මෙතන්ට ගේන්න ඕනේ.“

“මේ 120,000 ට දෙනකොට බිලියන 120 ක් ඕනේ නැහැ. Bulk දෙනකොට යුනිවර්සිටීස්වලින් 50% විතර වට්ටම් ලබා ගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට බිලියන 60 ක් ඕනේ උගන්නන්න.“

“අද වෙන කොට ආණ්ඩුව recurrent බිලියන 180 කුත් capital බිලියන 40 කුත්, බිලියන 220 ක් දානවා නිකං අධ්‍යාපනයට. යුනිවර්සිටි අධ්‍යාපනයට දානවා බිලියන 50 ක්, 270 ක් දානවා. දාලා ළමයි 360,000 ක් මේ පැත්තෙන් ඇතුල් කරනවා. එළියට එන්නේ 8% යි. ඇයි, අර ඉතුරු බිලියන 60 දාන්නේ නැතුව ඉන්නේ. ඒ බිලියන 60 දාලා, ගස් යට හරි කමක් නැහැ දාලා, මේ ළමයි ටිකට ඉගැන්නුවොත්, ඒ සල්ලිවලින් යුනවර්සිටීස් හදයි, ලබන අවුරුදු පහේ. ඒකට ඕනේ බිලියන 60 යි. ඒ බිලියන 60 දානකං, මම හිතන්නේ කවදාකවත් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment