අයිය ගියේ සිංදු කියන්න විතරයි - සොහාන් පෙරේරා

https://www.gossiplankanews.com/2019/02/sohan-perera-speaks-about-amal-arrest-with-madush.html#more
මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් ප්‍රකට ගායක අමල් පෙරේරාගේ බාල සොයුරු ගායක සොහාන් පෙරේරා එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ අදහස් දක්වා තිබේ. ඔහු පවසන්නේ තම අයියා සහ අයියාගේ පුතා එහි ගියේ අනෙක් ගායකයින් විදේශ ප්‍රසංග සඳහා යන ආකාරයටම මුදල් ලැබෙන නිසා ගීත ගායනා කිරීමට මිස එම ගීත ශ්‍රවණය කරන අය ගැන අවබෝධයකින් තොරව
බවයි. ඒ නිසා හසුවනතුරු මේ අය පාතාලයන් බව දැන නොසිටි බවයි.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වූයේ අමල් එම ස්ථානයට යන බව දැනගෙන ඔහු හරහා මදුෂ් ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි.

සොහාන් පෙරේරා 2011 වසරේ නොවැම්බර් මස මත් කුඩු පාවිච්චිය නිසා මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වු අයෙකි. ඒ දිනවල ඒ ගැන මාධ්‍ය තුළින්ද කරුනු අනාවරණය වූ අතර

මහරගම පැරකුම් මාවතේ පිහිටා තිබේ යයි කියන මත්කුඩු අලෙවි කරන ස්ථානයකින් හෙරොයින් මිලට ගැනීමට ගොස් නැවත එමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්වූ බව වාර්තාවී තිබුණි.
සිය අයියා හසුවීම ගැන සොහාන් දැන් මෙසේ කියයි.

‘මේක ප්‍රසංගයක් විදියට අයියට මුදල් දෙනව කියල සිංදු කියන්න සහභාගී වෙච්ච එකක්. ඒක ස්පොන්සර්ගෙන් ඉඳලා වගකීමකින් වෙච්ච දෙයක්. නමුත් සාමාන්‍ය කලාකාරයෙක් විදියට ප්‍රසංගයක් භාරගන්න වෙලාවෙදි ඒකෙදි සිංදු කියන්නෙ කාටද අදාළ පුද්ගලයො කවුද කියලා බලන්නෙ නෑ.. ඒක සියලුම කලාකාරයො ලංකාවෙ දන්නෙ නෑ සිංදු කියන්න බාරගත්තම.. එතන ඉන්නෙ කවුද සිංදු අහන්නෙ කියලා.

ඉතින් මෙතැන්දි පොඩි කණගාටුදායි සිද්ධියක් තියනවා මෙතැන්දි මගේ අයියත් මගේ පුතත් අද දවසේ අපහසුතාවයට පත්වෙනවා නෙමෙයි.. ඒ රට තුළ තියන නීති ප්‍රශ්නත් එක්ක අපි කොහොමද මේ ගොල්ලන් බේරගන්නෙ ගලව ගන්නෙ කියලා.
නමුත් මෙතැන්දි අපට අහිමි වෙන්නෙ අපේ මිස්ටේක් එකකින් හරි මොනව හරි දේකින් බැරිවෙලා හරි අහිමි වෙන්නෙ අපේ ජිවිත දෙක. මොකද හැකියාව තියන ජීවිත දෙකක්.
ඒ නිසා මට හිතෙනවා එහෙම තත්වයක් උදා වුනොත් මර්වින් පෙරේරා කියන සලකුන මෙතැනින් ඉවර වෙයි.‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment