ඩුබායි පාටියේ සිටි අංගොඩ ලොක්කා අන්තිම මොහොතේ බේරිලා

පාතාල නායක මදුෂ් ඇතුළු පිරිස පසුගියදා ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම සාදයට
සහභාගී වෙමින් සිටි
පාතාල ප්‍රබලයින් අතර අංගොඩ ලොක්කාද සිටි බව වාර්තා විය.
කෙසේ වෙතත් දුම් වැටියක් පානය කරන්නට මදකට එලියට ගොස් සිටි නිසා ඔහු පොලිස් වැටළීම අවස්ථාවේ ඉන් බේරි ඇති බව වාර්තාවේ. ඔහු නැවත සාදය තිබූ ස්ථානයට පැමිණි නමුත් එසේ එනවිට පොලිස් වැටළීමක් සිදුවන ආකාරය හඳුනාගෙන හෙමින් සීරුවේ එතැනින් මාරුවී පලාගොස් ඇති බවත් වාර්තා විය.
මෙම වැටළීමේදී ප්‍රබල පාතාල නායකයින් 5 ක් හසුවූ අතර මදුෂ් සමග සමීපව සිටි අංගොඩ ලොක්කාට පමනක් මෙලෙස බේරී යාමට හැකිව ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment