බොරලැස්ගමුව නිවසේදී බිරියගේ පෙර විවාහයේ පුතා සැමියා මරලා


ඊයේ15 වන දින සවස 3.30ට පමණ බොරලැස්ගමුව පොලිස් වසමේ සිසිල මාවත, කහටගහවත්ත ප්‍රදේශයේදී
පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට
බොරලැස්ගමුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු. වයස අවුරුදු 33ක් වූ සිසිල මාවත, කුහටගහවත්ත, වේරහැර ප්‍රදේශයේ පදිංචි දයාවත්තේ ගෙදර සුසන්ත දයාවංශ යන අයවේ..
මරණකරු ඔහුගේ බිරිද සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එම අවස්ථාවේදී බිරිදගේ පෙර විවාහයේ පුතෙකු විසින් මරණකරුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරික්ෂණය 2019.02.16 වන අද දින සිදු කිරීමට නියමිතයි. මෙම ඝාතනය සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment