පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. මේ සඳහා රුපියල්
බිලියන 20ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ 320 සහ ඒ 321 ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්සවීමට හැකි වන අයුරින් මීටර 3500ක ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක උතුරේ සංචාරයේදී පලාලි ගුවන්තොටුපොළ
නිරීක්ෂණයකට එක් වෙමින් අමාත්‍යවරුන් හා නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවෙන් පසු මෙම වසරේම ගුවන්තොටුපොළ ඉදිකිරීම් පටන් ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, මැදපෙරදිග හා යුරෝපා රටවලට ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ වන අතර පලාලි සිට කිලෝමීටර් 7200ක ප්‍රදේශයේ පිහිටි රටවල්වලට පහසුවෙන් ගමන් යා හැකි වන බවද පැවැසේ.

මූලික අදියර යටතේ පලාලි ධාවන පථය සැකසෙන අතර පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත ගොඩනැඟිලි සඳහා දැනට තාවකාලික ගොඩනැඟිලි භාවිත කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගුවන් යානා ඉන්ධන ගබඩා, ජල හා විදුලි බල පහසුකම් හා ප්‍රවේශ මාර්ග ආදිය ඉදිකිරීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. සංචාරක කර්මාන්ත දියුණුවට මෙන්ම උතුරේ ජනතාවට මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිසා වාසි රැසක් ලැබෙන බවද එම සාකච්ඡාවේදී අනාවරණය විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment