විජේවීරව ඉදිරිපත් කරන්නැයි බිරිඳ ගොනුකළ පෙත්සම ඉවතට

අතුරුදන්ව සිටින ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
දීපාලී විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප
කිරීමට නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ පදනමක් නොමැති බව තීන්දු කළ අධිකරණය ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කර තිබේ.
පෙත්සම්කාර විජේවීර මහත්මිය තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ තම සැමියා වන රෝහණ විජේවීර මහතා 1989 කාල සීමාවේ රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ දක්වා අතුරුදන්ව සිටින බවයි.
මේ හේතුවෙන් අතුරුදන්ව සිටින විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර විජේවීර මහත්මිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment