මධුෂ්ගේ සල්ලි වලින් චිත්‍රපට නිෂ්පාදනය කළ අය හා හෝල් මිලට ගත්තු අයත් ඉන්නවා - රන්ජන්

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගෙන් කෝටි ගණන් මුදල් ලබාගෙන චිත්‍රපට නිෂ්පාදනය කළ සමහර නිෂ්පාදකයන් ද සිටින බව ප්‍රවීණ චිත්‍රපටි නළු සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  පැවසීය.
මාකදුරේ මධුෂ්ගෙන් මුදල් ලබාගෙන ඇතැම් චිත්‍රපටි නිෂ්පාදකයන් එම චිත්‍රපටි රූගත කළේ ද ඩුබායි රටේදීම බවත් රාමනායක මහතා කීය.
තවත් සමහරුන් මධූෂ්ගෙන් ලබාගත් මුදලින් සිනමාශාලා  පවා මිලදී ගෙන තිබෙන බවද ඔහු පැවසීය.

මේ අතර මධුෂ්ගේ පුතාගේ උපන් දින සාදයකට ඇරයුම් ලබා ඒ සඳහා ඩුබායි
යාමට කටුනායක ගුවන් කොටුපොළට ප්‍රමාද වී ගිය නිසා එම ගමන යාමට නොහැකි වූ මෙරට සිටින කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරියක් ගැන තමාට තොරතුරු වාර්තා වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

තමා මේ සියලු දේවල් කියන්නේ ඉතාම වගකීමකින් බවත්, ඒ සියලු තොරතුරු තමා සතුව තිබෙන බවත් රාමනායක මහතා මාකඳුරේ මදුෂ් මෙමරටට ගෙනවිත් ප්‍රශ්න කිරීමට පොලිසියට  ඉඩ ලැබුණහොත් ඔහුගෙන් විවිධ වරප්‍රසාද ලබාගත් බොහෝ  පුද්ගලයන් ගැන නොරතුරු හෙළිකර ගැනීමට හැකි වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 එසේ මධූෂ්ගෙන් වරප්‍රසාද ලබාගත් අය අතර පාර්ලිමේන්තු  මැති ඇමතිවරුන් රැසක්ම සිටින බව තමා හොඳින් දන්නා කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(ග්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment