දිමුත් ටෙස්ට් නායකත්වයට - හතුරුසිංහ ඉවත්කරන්න සුදානමක්

දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇතැයි වාර්තාවේ.

කණ්ඩායමේ උපනායකයා
වශයෙන් නිරෝෂන් දික්වැල්ල පත්කර ඇති අතර ටෙස්ට් නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වී තිබෙන බව වාර්තාවේ.
මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතාව ඉවත් කිරිම අදාළ නිතීමය තත්වය පිළිබඳව විමසා බැලිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිතීඥවරුන් පියවර ගනිමීන් සිටින බව අභ්‍යන්තර ආරංචි වාර්තා කර ිතබේ.

ඔහුගේ පුහුණූකාරීත්වය යටතේ පසුගිය මාස 13 තුළ කණ්ඩායම දැක්වු දුර්වල ක්‍රීඩා විලාශය මීට හේතුව ළුී ඇත.
2018 ජනවාරී මාසයේදි වසර 03 ක ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණූකාර ධුරය සඳහා පත් කරගෙන ඇති අතර
 ගිවිසුම් කාලයට පෙර තනතුරින් ඉවත් කිරිම අදාළ නිතී උපදෙස් පතා ක්‍රිකට් ආයතන නිතීඥවරුන් නිතීපති දෙපාර්තුමේන්තුවෙන් උපදෙස් පතා ඇති බවත් පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment