භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්වෙයි.


විදේශ සම්පත් දෙපර්තමේන්තුවේ අතිරේඛ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ නූර් රිස්නා අනීස් මහත්මිය මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්කරනු ලැබ සිටියි.

 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශය මත මෙම තනතුරට පත්වු අම මහත්මිය පසුගිය සිකුරාදා සිය ධූරයේ වැඩ භාර ගත්තාය.

2004- 2011 කාලය තුළ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ‍යක්ෂ හා අධ්‍යක්ෂ වශයෙන්ද සේවය කර ඇති එතුමිය පේරාදැනිය වි. විද්‍යාලයේ වානිජවේදී විශේෂ උපාධිදාරිණියක් වන අතර  ජපානයේ නගෝයා වි.විද්‍යාලයේ කෘෂිකර්මාන්තය පිළිබඳ පශ්චාත් උපාධිදාරිණියක් ද වේ.

මහා භාණ්ඩාගාරය යටතේ පවත්නා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විවිධ ණය යෝජනා ක්‍රම මෙන්ම සහනාධාර හා සුබසාධන ව්‍යාපෘති හරහා වර්ධනය හා සමාජ සංවර්ධනය උඩෙසා ක්‍රියාත්මක කරන ආයතනයකි.

මේ යටතේ හඳුන්වා දී ඇති විවිධ පොලි සහන ණය යෝජනා ක්‍රම මෙන්ම සහනාධාර හා සුබසාධන ව්‍යපෘති රැසක්ම මෙම දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment