මහින්ද තමන්ගේ අපේක්ෂකයා ජය ගන්නා බව කියයි.

   
ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් ඔහු පැවැසීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අගමැතිධුරය භාර ගැනීම මගින් ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතරය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති දීගය අවසන් කිරීමට හැකිවූ බවත් ඔහු පැවැසීය.

ඊට පෙර සිය දේශනයේද ඔහු සඳහන් කළේ 2014 වසරේදී ඉන්දියාවේ ආණ්ඩු පෙරළිය හරහා සිදුනොවූ ප්‍රමාණවත් සන්නිවේදනය හේතුවෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට ගැටලුවක් වූ බවත් ඔහු සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment