විදුලි බල ටෙන්ඩර් ගැන රවීගේ අවධානය.


ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායී ආකාරට ආයතන ව්‍යුහය පවත්වාගෙන යා හැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කළයුතු බවත්,විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ටෆෝමර්ස් යන ආතනයන්හි වර්තමාන ප්‍රගතිය නිරික්ෂණය කිරීම වෙනුවෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙහිදී ප්‍රධාන වශයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත්තේ ආයතන ව්‍යුහය තුළ අක්‍රමිකතා අවම කරගනිමින් ජනතා විශ්වාසය තහවුරුවන අන්දමින් ක්‍රියාකළයුතු ආකාරය පිළිබදවයි.

පසුගිය සමයේදී පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදුකළ ගල් අගුරු සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් සිදුකළ ආසන්නතම ගල් අගුරු මිලදී ගැනීමකින්, ඊට ඉහතින් සිදුකළ මිලදී ගැනීමට වඩා ඩොලර් මිලියන 03ක මුදල් ඉතිරියක් කරගැනීමට එම ආයතනයට හැකි බවත්, ඉදිරියේදී ටෙන්ඩර් කැදවීම සහ විවෘත කිරීමේදී විනිවිදභාවය අතිශයින් වැදගත් කොට සැලකියයුතු බවත් අමාත්‍යවරයා කියා තිබේ.

තම ආයතන ව්‍යුහය වඩාත් හොඳින් හඳුනාගනිමින් එහි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමත්, සේවක අයිතීන් සහ සුභසාධන කටයුතුද ක්‍රියාත්මක කරමින්, රට තුළ නිෂ්පාදන අවස්ථා ඇති කිරීම පිළිබඳවත් රවී කරුණානායක මහතා අවධානය යොමු කර ඇත.

ඒ තුළින් නව රැකියා අවස්ථා බිහිකිරීමෙත් සැලසුම් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දී තිබේ.

"මේ වන විට ශ්‍රී ලංකාටේ බලශක්ති ක්ෂේත්‍රයේ මිල අවම පුනර්ජනනීය බලශක්ති ක්‍රමෝපායන් කෙරෙහි සිය දිශානතිය යොමුකර ඇති බැවින්, එම ක්‍රියාදාමය දීපව්‍යාප්ත කළ යුතු අතර ප්‍රධානනගර කේන්ද්‍ර  කරගනිමින් සූර්ය විදුලිබලය උත්පාදන වැඩසටහන් දියත් කළ යුතු වෙනවා. මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල ව්‍යාපෘතියක් ඉදිකිරීමත්, වසර 2020 වනවිට මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිකරන මෙගාවොට් 100ක සුළං බල ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක්කිරීමට අදහස් කරනවා."

කෙසේවෙතත් සමස්ත දිවයින ආවරණය වන පරිදි විදුලිබල සැපයුම යාවත්කාලීන කර ඇති නමුත්, මිලියන 03 කට ආසන්න ප්‍රමාණයක්, රු. 60කට වඩා අඩුවෙන් මාසික බිල්පත් පියවන ලංවිම විදුලි පාරිටභෝගිකයන් බවත්,අවිධිමත් භාවයන් මඟහරවාලමින් විදුලිබල ක්ටෂ්ත්‍රය වඩාත් ස්ථාවරත්වයකට පත් කිරීමත්, ඒ තුලින් යහපත් මහජන සේවාවක් සපයන ආයතනයක් බවට පත්කිරීමටත් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment