බැසිල්ගේ වන්දිභට්ටයන් බොරු පතුරවනවා : වාසුගෙන් චෝදනා.

බැසිල් රාජපක්ෂ මහතාගේ 'වන්දිභට්ටයන්' සමාජ මාධ්‍ය හරහා විවිධ බොරු කතා පතුරුවා හරින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර චෝදනා කරයි.

 එජාප ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලයේ ගෙන ගිය ක්‍රියාමාර්ග අසාර්ථක වූයේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් එවකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටි පිරිස් නොපිළිගත් නිසා යැයි යමෙක් පවසනවා නම් ඒ පිළිබඳව ඔහු දෙවරක් සිතා බැලිය යුතු යැයි ද වාසුදේව මන්ත්‍රීවරයා පවසයි.

''ඔක්තෝබර් 26 විප්ලවය, රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය හා ඉන්පසුව සම්මුති ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රිවරු 16 දෙනෙක් මහින්ද රාජපක්ෂ සමඟ එකතු වීම වැනි ක්‍රියාමාර්ගයන් වැරැදි සහගත ඒවාද ? කියා එම වන්දිභට්ටයන්ගෙන් විමසා සිටින බවද වාසුදේව මන්ත්‍රීවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර වැඩිදුරටත් මෙසේද පැවැසීය.

''රනිල්ට විරුද්ධව අපි ගෙනගිය සාර්ථක ක්‍රියාමාර්ගයන් අවලංගු වුණේ නඩු තීන්දු දෙකක් නිසයි. කථානායක එජාප කථානායකවරයෙක් විදියට ක්‍රියා කළ නිසාත් මේ දේවල් අසාර්ථක වුණා. ඒ නිසයි පාර්ලිමේන්තුවේ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ. මේවාට පරීක්ෂණ කරනවා නම් කථානායකවරයාත් විත්තිකරුවෙක්.

බැසිල් රාජපක්ෂට වන්දිභට්ටකම් කරන අය එක එක දේවල් මේවාට කියනවා. ඒකට මම කැමැති නෑ. මම බැසිල් රාජපක්ෂට නෙවෙයි මේ ‍දොස් කියන්නේ එතුමාගේ වන්දිභට්ටයන්ටයි.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment