ජනපති ආරක්ෂක අංශ උප පොලිස් පරීක්ෂක කේරළ ගංජා සමග අත්අඩංගුවට


 සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹ සිට නොවිචියාගමට කේරළ ගංජා කිලෝ පහයි ග්‍රෑම් 240ක් විකිණීම සඳහා රැගෙන ආ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් විශේෂ කාර්ය
බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග කොළඹ වරායේ වැඩ සහායකවරයෙකු පෙරේදා (12) රාත්‍රී 9.30ට පමණ අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම උපාලිසියේ නිලධාරින් සමත්වූහ.

ලද තොරතුරක් මත නොච්චියාගම නගර සීමාවේ හල්මිල්ලකුලම වැව පාරේ පොලිස් නිලධාරින් රැකසිට මෝටර් රථය නවත්වා පරික්ෂා කිරිමෙදී
එහි තිබු කේරළ ගංජා පාර්සල් සොයා ගැනීමට හැකි වී තිබිණ.  ඒ අනුව සුඛෝපභෝගී මෝටර් රථය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් නොච්චියාගම පොලිසියේ නිලධාරින් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී ප්‍රධාන සැකකරු ඡනාධිපති ආරක්‍ෂක අංශයේ සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයෙකු බව අනාවරණය වී තිබිණ.

32 හැවිරිදි ඔහු මීරිගම පදිංචිකරුවෙකි.  වේයන්ගොඩ පදිංචිකරුවකු වන 41 හැවිරිදි අනෙක් සැකකරු කොළඹ වර්ගයේ බණ්ඩාරනායක ජැටියේ වැඩි සහායකවරයකු ලෙස රැකියාව කරන බව අනාවරණය වි ඇත.

මොවුන් ළග තිබූ කේරළ ගංජා තොගය පාර්සල් වශයෙන් වෙන් වෙන්ව අසුරා තිබු බව පවසන පොලිසිය මොවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර තිබෙන බව පවසයි.

රුපියල් ලකෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් මෙම කේරළ ගංජා තොගය නොච්චියාගමට රැගෙන ආවේ කවරකුට ලබාදිමට දැයි අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන බව නොච්චියාගම පොලිසියේ නිලධාරියෙක් පැවැසිය.

අත්අඩංගුවට ගත් සැකකරු දෙදෙනා තඹුතේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (13) ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

(අතුළ බණ්ඩාර, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ නොච්චියාගම, ඒ.පී. කුමාර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment