නාගයකු බෝතලයක දමාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

යාපනයේ චාවාකච්චේරි ප්‍රදේශයේ වැසියකු නාගයෙක් පණ පිටින් බෝතලයක දමා ළඟ තබාගෙන සිටියදී
පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශයේ වැසියකු පොලිසියට පවසා ඇත්තේ පුද්ගලයකු කිසියම් විනාශකාරි ක්‍රියාවක් සඳහා විශාල නාගයකු බෝතලයක දමාගෙන සිටින බවයි.
වාචාකච්චේරි පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට තිබේ. සැකකරු පවසා ඇත්තේ තමන් විනෝදයට ඇති කිරීම සඳහා නාගයා අල්ලා බෝතලයකට දමා නිවෙසේ තබා ගත් බවයි.  පොලිසිය පුද්ගලයා චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

-රසාදි චතුරංගි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment