මාකඳුරේ මධුෂ් ඇල්ලූ ආකාරය ඩුබායි පුවත්පත් වාර්තා කළ හැටි

https://www.gossiplankanews.com/2019/02/makandure-madush-dubai-news-papers.html#more
යේ (5) ඩුබායි හෝටලයකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ප්‍රබල පාතාල නායකයෙකු අත්අඩංගුවට පත්වීම ඩුබායි මූලික කරගෙන පළවන පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය ගැන අපි විමසුමක යෙදුනෙමු.
එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉංග්‍රීසි බසින් දිනපතා පළවන ගල්ෆ් නිවුස්, ගල්ෆ් ටුඩේ, කලීජ් ටයිම්ස් හා ද නැෂනල් පුවත්පත්
අතුරින් මේ ගැන වාර්තා කර තිබුනේ කලීජ් ටයිම්ස් පුවත්පත පමණි.
ඔවුන් එය මුල් පිටුවේ ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර තිබීම විශේෂත්වයකි. මේ දිනවල ශුද්ධොත්තම පාප් වහන්සේ එ් රටේ සංචාරයක් සිදු කරමින් පවතින නිසා එම පුවත්පත් බොහෝමයක් පිටු පුරා පළ කර තිබුනේ එම ඡායාරූප හා විස්තරයි.

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අල්ලා ගැනීම ගැන කලීජ් ටයිම්ස්  පුවත්පත දක්වා තිබුණ වාර්තාව අනුව පාතාලයන් හසුකරගත් හෝටලයේ නම වාර්තා කර තිබුනේ නැත.

ඔවුන් පවසා තිබුණ ආකාරයට අත්අඩංගුවට පත් පිරිස 25 ක් නොව 20 කි. රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපතක් හිමි පුද්ගලයෙකුද මෙම අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව කලීජ් ටයිම්ස් දන්වා ඇත.

ලංකාවේ ප්‍රකට ගායක අමල් පෙරේරා හා තවත් නළුවෙකු අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව වාර්තා කර තිබේ. මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හසු කරගත් බවත් මෙහෙයුම ශ්‍රී ලංකාවේ පොලිසිය හා ඩුබායි පොලිසිය ඒකාබද්ධව සිදුකරන ලද්දක් බවත් කලීජ් ටයිම්ස් දන්වා ඇත.  අත්අඩංගුවට පත් මදුෂ් ලංකාවට ලබාදීම ගැන සාකච්ඡා පවත්වන බව ඩුබායිහි පළවන කලීජ් ටයිම්ස් පුවත්පතේ වැඩිදුරටත් සටහන්ව ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment