විමල්ගේ වෙබ් අඩවිය බැසිල්ව විහිලුවට ගනී.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බවට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කල ප්‍රකාශයක් හැල්ලුවට ලක්කරමින් විමල් විරවංශ මහතා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් පුවතක් පළකර ඇත.

''අපේ 40.2% න් ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් – බැසිල් රාජපක්ෂ'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම පුවතේ මෙසේද සඳහන්වේ.

''ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති පළාත්පාලන නියෝජිත හමුවකදී අදහස් දක්වමින් ඉදිරි මැතිවරණය තමාට තනිව ජයග්‍රහණය කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව ඔප්පු කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අප වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ එම ප්‍රකාශය ඉතා නිර්භීත ප්‍රකාශයක් වුවත් 40.2% න් ජනාධිපතිවරණයක් දිනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බවය.

ඔහුට අනුව පළමුවැන්න ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය‍. දෙවැන්න සෙසු පක්ෂ වලින් අපේක්ෂකයින් රාශියක් ඉදිරිපත් කොට ‘ඡන්ද තැබීමට‘ වැඩපිළිවෙළක් හැදීමය.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment